Divaina - අපේ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට යන්නේ නැහැ-විපක්ෂ නායක

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 sajith
 
 
 අකිත පෙරේරා
 
විපක්ෂයේ සිටින්නේ ආත්ම ගරුත්වයක් සහිත මන්ත‍්‍රීවරු බැවින් ආණ්ඩුව සිතන පරිදි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම පහසු නැතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
 
 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගැනීමේදී විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 20 දෙනකුත් ආණ්ඩුව සමග එක්වන බවට ආණ්ඩුවේ ඇමැතිවරුන් කරන ප‍්‍රකාශවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බැව් පැවසීය.
 
 ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගේන්නේ 19 වැනි සංශෝධනය අහෝසිකර 18 වැනි සංශෝධනය යළි බලාත්මක කරන්න යැයි පැවසුවත් විපක්ෂය ලෙස තමුන් යෝජනා කරන්නේ 19 වැනි සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගන්නා ලෙස යැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
 
 එනිසා සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් කිසි ලෙසකවත් ආණ්ඩුවට එක්වන්නේ නැතැයිද සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles