Divaina - බෝල් පොයින්ට් පෑන්වලිනුත් පරිසර හානියක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
  

 අරුණ බෝගහවත්ත
 
පාසල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගි කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග‍්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
 
 පරිසරයට බැහැර කරන පෑන් බට ප‍්‍රමාණය මේ අනුව වසරකට කිලෝ ග‍්‍රෑම් 29,200ක් පමණ වන අතර රාජ්‍ය හා වෙනත් පුද්ගලික අංශයෙන් බැහැර කරන හිස් බෝල් පොයින්ට් පෑන් ප‍්‍රමාණය කෙතෙක් දැයි තවමත් ගණනය කර නොමැත.
 
 එහෙත් මෙරට පාසල් පද්ධතිය තුළින් පමණක් මුදා හරින අති විශාල ප‍්‍රමාණයක් වන හිස් බෝල් පොයින්ට් පෑන් ප‍්‍රමාණය නිසා දෛනිකව විශාල පරිසර හානියක් සිදුවන අතර විදිමත් පරිදි ඒවා බැහැර කිරීමට ක‍්‍රමවේදයක් නොමැතිකමත්, ඒ සම්බන්ධව දැඩි අවධානයක් මෙතෙක් යොමු නොවීමත් හා නිසි ප‍්‍රතිචක‍්‍රියකරණ වැඩපිළිවෙළක් නොවීමත් හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් දිනපතා සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles