Divaina - කෝටි 15ක අලාභයක් සිදුවන පොහොර ප්‍රවාහන මගඩියක් - සේවකයින්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  

 
 අරුණ බෝගහවත්ත
 
ලංකා පොහොර සංස්ථාවේ පොහොර ප‍්‍රවාහනය සඳහා ලබාදී ඇති ටෙන්ඩර් ක‍්‍රමයක් හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි පහළොවක පමණ අලාභයක් සිදුවන බවට එම සංස්ථාවේ සේවක පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැමිණිලි කර ඇත.
 
 පොහොර සංස්ථාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු විසින් පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන මත එක් මහා පරිමාණ පොහොර ප‍්‍රවාහනකරුවකුට සහ ඔහුට හිතවත් කිහිප දෙනකුට මෙසේ පොහොර බෙදාහැරීම සඳහා අවසර ලබාදීම නිසා මෙම පාඩුව රජයට දැරීමට සිදුවන බවද එම සේවකයෝ සඳහන් කරති.
 
 මහා පරිමාණ ප‍්‍රවාහනකරු තමන්ට හිතවත් අනෙකුත් ප‍්‍රවාහනකරුවන් සමග එකම මිල ගණනක් යටතේ වැඩි මිලට පෙහොර ප‍්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බවද එම සේවකයෝ පවසති.
 
 මීට පෙර අම්පාරට පොහොර ප‍්‍රවාහනය සඳහා ටෙන්ඩරයක් ලබා දීමේදී මෙටි‍්‍රක් ටොන් 12,000 ක් ගෙන යෑමට ලොරි රථ දෙකක් ද ඇප මුදල් ලක්‍ෂ දෙකක් ද බැඳිය යුතුව තිබූ අතර අනිකුත් ප‍්‍රවාහනකරුවන් ඉවත් කිරීම සඳහා පාලන අධිකාරිය විසින් වර්තමානයේ එම පොහොර ප‍්‍රමාණයම ප‍්‍රවාහනය සඳහා ටෙන්ඩරය ලබාදීමට ඇප මුදල් ලෙස ලක්‍ෂ 36 ක් ද ලොරි රථ පහක් ලෙස ද වෙනස් කර ඇතැයි එම සේවකයෝ සඳහන් කරති.
 
 මේ වනවිට පොහොර බෙදාහැරීම සඳහා ලොරි රථ 800-1000 ක් අතර ප‍්‍රමාණයක් පවතින බවත් නව නීති රීති සකසමින් හිතවත් ටෙන්ඩර්කරුවන්ට බෙදාහැරීම් කටයුතු ලබාදී ඔවුන් ගෙන් මුදල් ලබා ගන්නා බවද මෙම සේවකයෝ පවසති.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles