Divaina - පොලිස් මෙහෙයුම් සාර්ථකයි...පාතාලය හාන්සියි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


  

 
 හේමන්ත රන්දුණු
 
පාතාල කණ්ඩායමක් විසින් සිදුකරන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පහරදීම් වෙඩි තැබීම් ඇතුළු අපරාධ ක‍්‍රියාකාරකම් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇති බව පොලිස් අපරාධ අංශ භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.
 
 ගෙවී ගිය මාස හතරකට ආසන්න කාලය තුළදී පාතාල අපරාධ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් හෝ සිදුවීමක් වාර්තාවී නැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පාතාල ක‍්‍රියාකාරකම් මෙසේ මුළුමනින්ම නතර වී ඇති බව ද ප‍්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
 
 අවසන් වරට පාතාල අපරාධයක් වාර්තා වී තිබුණේ ඉකුත් ජුනි මාසයේදී මාලිගාවත්ත ප‍්‍රදේශයේදීය. මහමග ගමන් කරමින් සිටි කංජිපානි ඉම්රාන්ගේ පියා මන්නා කන්නා නමැති පාතාල මැරයා ඇතුළු පිරිසක් විසින් කපා කොටා බරපතළ තුවාල කරළ පලා යෑමය.
 
 මෙම සිදුවීමෙන් පසු මේ වනතුරු පාතාල අපරාධ කිසිවක් වාර්තා වී නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles