Divaina - 20ට එරෙහිව විපක්ෂය උසාවි යයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 
 කුෂාන් සුබසිංහ
 
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම පාර්ශ්වයන් මෙම සතියේදී සිය පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට අහිතකර ඒකාධිපති සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිවන බවත් එබැවින් එය අහෝසි කරන ලෙසත් අදාළ පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනු ඇත.
 
 මීට අදාළ ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මේවන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසූහ.
 
 පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට විරුද්ධව කිසිවෙකුට අධිකරණයට යෑමට අවශ්‍යනම් ඒ සඳහා සතියක කාලයක් ලැබේ.
 
 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන පෙත්සම් සලකා බැලීම සඳහා සති තුනක කාලයක් හිමිවේ.
 
 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පසුගිය 03 වැනිදා නිකුත් කෙරුණු අතර එය පෙරේදා (18දා) පාර්ලිමේන්තු සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදී තිබුණි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles