Divaina - 20 සම්මත වන්නේ සංශෝධන සහිතවයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 

mahinda
 
 අනුර බාලසූරිය
 
යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එබැවින් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයකට තම සංශෝධන ඉදිරිපත් කළ හැකි බවද අගමැතිවරයා කීවේය.
 
 මෙය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ඉදිරිපත් කෙරෙන අතුරු සංශෝධනයක් බවත් ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කර අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ගෙන එන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරමින් ජනතා මතයට කන්දී නිවැරදිව කටයුතු කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය බවත් අඩුපාඩු තිබේනම් පෙන්වාදීමට රටේ පුරවැසියන්ට පුළුල්ව අවස්ථාව තිබෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles