Divaina - හෘද සාක්ෂිය අවදි කරන්නැයි ජවිපෙ ආණ්ඩුවෙන් ඉල්ලයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 
 
 සිරිමන්ත රත්නසේකර
 
තමන්ගේ හෘද සාක්ෂිය අවදි කර 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
 
 එසේම තමන්ට හැකි සෑම ක්ෂේත‍්‍රයකදීම මෙම ඒකාධිපති 20 වැනි සංශෝධනයට එරෙහි වන ලෙසත් එය පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙසත් ඒ මහතා ජනතාවටද දන්වා සිටියේය.
 
 මෙම සංශෝධනය සඳහා ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ දී අත උස්සා තිබෙන්නේ එය නිසි අධ්‍යයනයකින් තොරව බවත් ජනාධිපතිවරයාට ඇති බය පක්ෂපාතීත්වය නිසා ඔවුන් එසේ කර ඇති බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.
 
 මෙම සංශෝධනයට ජනතාවගෙන් පැමිණි විරෝධය නිසා ආණ්ඩුව නැවත එය අධ්‍යයනයට කමිටුවක් පත්කර ඇතැයිද කොන්ද පණ ඇති ඇමැතිවරයෙකු සිටියේ නම් කැබිනට් මණ්ඩලයට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දිනයේදීම එය අනුමත කරන්න නොහැකි බව පවසන්න තිබූ බවත් විජිත හේරත් මහතා පැවසීය.
 
 මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබෙන අසීමිත ඒකාධිපති බලතල රටටත් ජනතාවටත් අතිශයින් විනාශකාරී වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles