Divaina - තුනෙන් දෙකක් තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නැහැ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර තනි බලයක් ලැබී ඇති බැවින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සරල බහුතරයක් නොව තුනෙන් දෙකක බලයක් ලැබී ඇති බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. 02-පිටුවට

අප පක්ෂය සමග සන්ධානගතව සිටින

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊ.පී.ඞී.පී., ටී. එම්. වී. පී., ජාතික කොංග‍්‍රසය යන පක්ෂ දිස්ත‍්‍රික්ක කිහිපයකට වෙනම තරග කර මන්ත‍්‍රී ආසන පහකට වැඩි ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කර තිබෙන බැවින් එම මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයත් සමග 150 ඉක්ම වූ තුනෙන් දෙකක බලයක් තිබෙන බව හෙතෙම පැවසීය.

මේ රටේ මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 න් දිස්ත‍්‍රික්ක 19 ක් ජයග‍්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත් වූ බවත් මේසා විශාල ජයග‍්‍රහණයක් අප පක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට අපේ ස්තුතිය පිරිනැමෙන බවත් සඳහන් කළේය.

මෙම මැතිවරණයේදී ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම සඳහා සම්පූර්ණ බලය අප පක්ෂයට ලබාදී ඇති බවත්, අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුව

රැුස්වන විට අප පක්ෂයට තුනෙන් දෙකක බහුතරයක් තිබෙන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ශක්තියත් බලයත් නව රජය සතුවන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

අනුර බාලසූරිය
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles