Divaina - ලංකා බැංකුව නව ප‍්‍රධාන අලෙවි නිලධාරිවරයෙකු පත් කරයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


වසර 22 ක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්දැකීම සහිත වරලත් අලෙවිකරුවකු වන සමීර ලියනගේ මහතා ලංකා බැංකුවේ නව ප‍්‍රධාන අලෙවි නිලධාරි තනතුරට පත් කළ බව එම බැංකුව නිවේදනය කරයි.

SDB බැංකුවේ අලෙවි ප‍්‍රධානී ලෙස වසර 6 ක කාලයක් කටයුතු කළ එතුමා සෙලාන් මර්චන්ට් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ PAN ASIA බැංකුවේ අලෙවි කළමනාකරුවකු වශයෙන් ද කටයුතු කර තිබේ.
 
 විශ‍්‍රාමික රාජ්‍ය ප‍්‍රජාව නැවත සක‍්‍රීය ශ‍්‍රම බළකායට එකතු කර ගැනීමේ අරමුණින් විශ‍්‍රාමික ණය යෝජනා ක‍්‍රමය බැංකු ක්ෂේත‍්‍රයට හඳුන්වා දීමට පුරෝගාමියෙකු වූ හෙතෙම මියගිය, ආබාධිත හා අතුරුදන් රණවිරුවන් හා පවුල්වල සාමාජිකයන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට බැංකු නිමැවුම් හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.
 
 සුප‍්‍රසිද්ධ Brand Finance ආයතනය මගින් පළමු වතාවට SDB බැංකුවට 45 වන ස්ථානය හිමිකර ගැනීමට ඔහුගේ සේවා කාලය තුළ හැකිවීම විශේෂත්වයකි.
 
 UNESCO Sri Lanka කොමිසම මගින් ප‍්‍රංශයේ පැරිස් නුවර වසර 2003 පැවති සමුළුවට නියෝජිත මණ්ඩල සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහුට බැංකු ක්ෂේත‍්‍රයේ නව නිමැවුම් එළිදැක්වීම පිළිබඳව සුවිශාල අත්දැකීම් රාශියක් ඇති අතර එමගින් තම සේවය කරන ලද ආයතන වලට විවිධ වූ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලබා ගැනීමටත් දායකත්වය දරා තිබේ.
 
 මහා බි‍්‍රතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයෙ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ නිත්‍ය සාමාජිකයෙකු වේ. ඔහු, ත්‍මඑමරු ඵසබාි අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප‍්‍රදර්ශනයේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් මෙන්ම කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයා ද වෙයි. 

  

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles