Divaina - මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 රනිල් ධර්මසේන
 
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන්ට සිය ප‍්‍රචාරණ කටයුතු සිදුකරගැනීම සඳහා ලබාදී තිබූ කාලය අද (02 දා) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වෙයි.
 
 මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්‍ෂ 28 කින් සහ ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්‍ෂකයන් 7452 දෙනකු තරග කරන අතර ඔවුන් රට පුරා විවිධ ආකාරයෙන් සිය ප‍්‍රචාරක කටයුතු සිදුකරනු ලැබීය.
 
 මේ අනුව අද මධ්‍යම රාත‍්‍රියෙන් පසුව ගෙන්ගෙට යෑම්, ඡන්දය ආයාචනා කිරීම්, ප‍්‍රධාන රැස්වීම්, වතු රැස්වීම්, නිවාස රැස්වීම් හෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ප‍්‍රචාරණය ඇතුළු කිසිදු ආකාරයක ප‍්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.
 
 එමෙන්ම නියෝජිත පක්‍ෂ කාර්යාල සියල්ල ඉවත් කළ යුතු අතර පෝස්ටර්, කටවුට්, බැනර් ප‍්‍රදර්ශනය ද හෙට සිට තහනම් වෙයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles