සමගි ජනබලවේගය පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස අනුමත කරනු ලැබුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
පිළිගත් දේශපාලන පක්ෂයක් වූ අපේ ජාතික පෙරමුණ නමැති පක්ෂයේ නම සමගි ජන බලවේගය ලෙස වෙනස් කිරීම හා එහි ප්රමුඛ තනතුරුවල වෙනසක් සිදුකිරීමට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට එවකට අපේ ජාතික පෙරමුණේ සභාපති සේනක ද සිල්වා, ලේකම් ඩයනා
ගමගේ සහ නව ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලනඥයන් කණ්ඩායමක් 2020 පෙබරවාරි මස 05 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවූ බවත් එම ඉදිරිපත් කිරීම් සලකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව අදාළ ලියකියවිලි අදාළ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල නම් එම වෙනස්කම් පිළිගත හැකි බව දන්වන ලද බවත් මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව එම ලියකියවිලි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ ලේකම් කාර්යාලය විසින් එකී වෙනස්කම් පිළිගත් බවට ලිපියක් මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් 2020.02.10 දින නිකුත් කළ බවත් යතුරු ලිවීමේ දෝෂයක් හේතුවෙන් එහි සටහන්ව ඇත්තේ 2020.02.06 දින ලෙස බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.
- Hits: 271