උපාලි ද සේරම්
කොවිඞ් 19 වෛරසයට එරෙහිව කි‍්‍රයා කරන එන්නතක් 2021 වසරේ සිට භාවිතයට එක් කරගත හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මේ වනවිට මෙම වෛරසයට එරෙහිව කි‍්‍රයා කළ හැකි එන්නත් වර්ග රැසක් රටවල් කිහිපයක නිපදවා ඇති අතර ඉන් චීනය, එංගලන්තය සහ ඇමරිකාව නිපදවා ඇති එන්නත් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතැයි වාර්තා වේ.
දැනට මෙම එන්නත් පරීක්ෂණ මට්ටමින් රෝගීන්ට සහ නිරෝගී පුද්ගලයනට ලබාදෙන අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවත් අතුරු ආබාධ අවම බවත් හෙළි වී ඇත.
2019 වසරේ දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙන් වසංගතයක් ලෙස පැතිර යෑමට පටන් ගත් කොවිඞ් 19 රෝගය මේ වනවිට රටවල් 203 ක් පුරා පැතිර ගොස් තිබේ.
පුද්ගලයින් හය ලක්ෂ විසි දෙදහසකට අධික පිරිසක් මියගොස් ඇති අතර රෝගය ආසාදනය වූවන් ගණන කෝටි එකහමාරකට අධිකය. ඉන් රෝගීන් ලක්ෂ 86 කට ආසන්න පිරිසක් සුවය ලබා සිටිති.
- Hits: 269