Divaina - ඡන්දෙ දාන්න ගමේ යන්න ප‍්‍රවාහන පහසුකම් වැඩිකරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 අරුණ බෝගහවත්ත
 
එළඹෙන මහ මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවට පොදු ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
 
 ඒ අනුව සියලූම ලංගම බස් රථ ධාවනය කිරීමටත් පුද්ගලික බස් රථ 600 ක් කොළඹ සිට පිට පළාත් සඳහා යොදා ගැනීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලූම දුම්රිය ධාවනය සඳහා යොදා ගැනීමටත් කටයුතු කරන බව ප‍්‍රවාහන කළමනාකරණ සේවා ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ඇතැම් දුම්රිය ගමනාන්තයන් දීර්ඝ කිරීමටත්, විශේෂ දුම්රිය කිහිපයක් අමතරව ධාවනය කිරීමටත් කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 ජාතික ගමනාගමන කොමිසම විසින් අමතර බස් රථ ධාවන කටයුතු සඳහා තාවකාලික බලපත් ලබා දීම සිදුකරන බවත් බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම් පොළ විෂබීජානුහරණය කිරීම සහ කාර්ය මණ්ඩල නිරන්තරයෙන් ප‍්‍රවාහනය අධීක්ෂණය සඳහා යෙදවීම සිදු කිරීමට නියමිත බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

chat250

නවලිය

gauat250

දියග

oththu250

මීවිත

shelton250

More Articles