Divaina - ගෝලබාලයන් බේරාගැනීමේ මෙහෙයුමකට මත් ජාවාරම්කරුවෝ සැරසෙති

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 


 
 හේමන්ත රන්දුණු
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් සිය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කරගෙන එම කාර්යාංශය මුළුමනින් ම අකර්මණ්‍ය කර දැමීමේ පළමු මෙහෙයුම සාර්ථකව ක‍්‍රියාත්මක කළ ඩුබායිහි සිටින මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් බන්ධනාගාරගතව සිටින සිය ගෝල බාලයන් මුදා ගැනීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කර ඇත.
 
 ප‍්‍රධාන පෙළේ නීතිඥවරුන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී සිය ගෝල බාලයන්ට ඇප ලබා ගැනීම සඳහා මෙම හෙරොයින් ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව ද වාර්තා වී ඇත.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලබාලයන් සියයකට වැඩි පිරිසක් මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය කාල සීමාවේදී සිදුකළ වැටලීම් ගැටලූසහගත බව කියමින් ඒවා අභියෝගයට ලක් කරමින් බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අහිංසකයන් බවට අධිකරණය ඉදිරියේ ඒත්තු ගන්වා ඔවුන් මුදා ගැනීමේ සැලසුම ක‍්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි.
 
 ආරංචිමාර්ග පවසන අන්දමට මෙම දෙවැනි මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ ඩුබායිහි සැඟවී සිටින ප‍්‍රධානතම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන අන්නාසි මොරිල් නමැත්තාය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles