Divaina - එම්සීසී ගිවිසුම මගින් රජයේ ඉඩම් බහුජාතික සමාගම් වෙත විකුණන්න සැලසුම් හදලා - පරිසරවේදීහු පවසති

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 


 
 ජගත් කණහැරආරච්චි
 
එම්. සී. සී. ගිවිසුම ක‍්‍රියාත්මක වුවහොත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර ඉඩම් හෙක්ටයාර් ලක්ෂ ගණනක් බහුජාතික සමාගම් වෙත පැවරිය හැකි වන පරිදි රජය 5/2001 චක‍්‍රලේඛය සංශෝධනය කිරීමට සූදානම් වන බව පරිසරවේදීහු පවසති.
 
 මේ අනුව අවශේෂ වනාන්තර ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක් අනාරක්ෂිත වන බවද ඔවුහු සඳහන් කරති.
 
 දැනටමත් උක් වගාව සඳහා මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඉඩම් අක්කර 62,500 ක් සිංගප්පූරුවේ ගැසෙල් වෙන්චර්ස් (Gazell Ventures) නම් සමාගමකට ලබාදීම සඳහා පිඹුරුපත් සකසා ඇතැයි පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.
 
 එසේම මාගම්පුර වරාය ආශ‍්‍රිත චීන ආයෝජන කලාපය වෙනුවෙන් හම්බන්තොට හා මොනරාගල දිස්ත‍්‍රික්ක දෙක තුළ අක්කර 15,000 ක ඉඩම් හඳුනාගෙන ඇති බවත්, පැල්වත්ත සීනි කම්හලේ වපසරිය පුළුල් කිරීම සඳහා අක්කර 5,000 ක් ලබාදීමට ද රජය සැලසුම් කර ඇති බවත් සජීව චාමිකර මහතා පවසයි.
 
 මේ සඳහා රජයේ අවශේෂ වනාන්තර හා හේන් ගොවිතැන් සඳහා වාර්ෂික බලපත‍්‍ර ක‍්‍රමය යටතේ ගොවීන්ට නිදහස් කර තිබූ ඉඩම් පවරා ගැනීමට රජය කටයුතු කරමින් පවතින බවද සඳහන් කරන සජීව චාමිකර මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ රජය 5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීම මගින් රටේ දැවැන්ත වන විනාශයකට කටයුතු කරමින් පවතින බවයි.
 
 මේ පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කියා සිටින්නේ රජය ඉහත චක‍්‍රලේඛය අහෝසි කිරීම මගින් ඓතිහාසික වරදක් කිරීමට සැරසෙන බව හා ඉන් රටේ වනාන්තර ගහනයෙන් හතරෙන් එකක් විනාශයට ගොදුරුවීමට හැකියාව ඇති බවයි.
 
 5/2001 චක‍්‍රලේඛය මගින් ආරක්ෂිත අවශේෂ වනාන්තර එම චක‍්‍රලේඛය සංශෝධනය කිරීමෙන් දිසාපතිවරුන් වෙත පැවරීමට රජය කටයුතු කරමින් පවතින අතර, ඒ මගින් වනාන්තර විනාශයක් සිදුවන බව පවසන පරිසරවේදීහු සංවර්ධන කටයුතු සඳහා මෙම කලාපයේ ඉඩම් අවශ්‍යනම් 2/2006 චක‍්‍රලේඛය මගින් ලබාගැනීමේ හැකියාව තිබියදී රට නොමග යවමින් වනාන්තර කොම්පැනිකාරයන්ට විකිණීමට එරෙහිව තමන් දැඩිව විරුද්ධ වන බවද පවසයි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles