Divaina - එංගලන්තයට යලි කොරෝනා... ලන්ඩන් සටහන්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

සුජීව නිවුන්හැල්ල
 
 
london135කොරෝනා වසංගතය නිසා මාස තුනක පමණ කාලයක් අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසින් බැහැරට නොයන ලෙස දන්වා තිබුණත් පසුගිය ජුලි හතරවන සෙනසුරාදා සිට එංගලන්ත වැසියන්ට තම එදිනෙදා කටයුතු රිසිසේ කරකියා ගැනීමට හැකි වන පරිදි නීති ලිහිල් කෙරිණි. ඒ අනුව බොහෝ කඩ සාප්පු මහජනයා උදෙසා විවෘත කළ අතර දිගට වැවුනු කොණ්ඩය කපා ගනු පිණිස දිගු පෝලිම් සෑදී තිබුණි. අවන්හල්, භෝජනාගාර සහ තැබෑරුම්ද පිරී ඉතිරී ගියත් සියලූම දෙනාට සමාජ දුරස්ථභාවය රඳවා ගන්නා ලෙස දන්වා තිබුණි.
 
 දැනට පවතින වසංගත තත්ත්වය යටතේ වෙනත් රටක සිට එංගලන්තයට පැමිණෙන ඕනෑම මගියෙකුට දින 14 ක් යනතෙක් තම නිවසෙන් බැහැරට යෑමට නොහැක. යම් කිසි අයුරකින් නිවසින් බැහැරට ගොස් නීතිය කඩ කළහොත් බි‍්‍රතාන්‍ය පවුම් දහසක දඩයක් නියම වේ. ජුලි දහවැනිදා එම නීතිය මඳක් ලිහිල් කරමින් රටවල් හැටක සිට පැමිණෙන මගීන්ට දින 14 ක් නිවාස අඩස්සියේ පසුවීම අවලංගු කළේය. එම රටවල් අතරට සීෂෙල්ස් දූපත්, දකුණු කොරියාව, තායිවානය සහ වියට්නාමය ඇතුළත්වී තිබුණද ශ‍්‍රී ලංකාව ඇතුළත්වී තිබුණේ නැත.
 
එංගලන්ත වැසියනට මෙසේ නිදහස ලබා දුන්නත් තැනින් තැන නැවතත් කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ”ලෙස්ටර්” නගරය ජුලි හතර වැනිදා සිට සති දෙකක් වසා දැමුණි. තවද රෝගීන් හමුවීම නිසා තැබෑරුම් තුනක් වසා දැමූ අතර ලන්ඩනයට නුදුරු ”හිලින්ඩන්” රෝහලේ සේවක පිරිසකටද කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වූ නිසා එම රෝහලේ හදිසි ඒකකය වසා දැමුණි. දෙවන කොරෝනා රැල්ලක සේයා මතුවී ඇති නිසා නිදහස පරෙස්සමින් බුක්ති විඳින ලෙස වෛද්‍යවරු මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
 බර්මිංහැම් මහා විහාරයේ චෛත්‍යට මුල් ගල තැබේ

 

london

බර්මිංහැම් මහා විහාරයේ අභිනවයෙන් ඉඳි කෙරෙන චෛත්‍යට පසුගිය ජූලි පස්වන ඉරිදා ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය අතින් මුල්ගල තැබුණි. කලාතුරෙකින් උදාවන මෙවැනි මහඟු පුණ්‍යකර්මයකට සහභාගි වීමට ආරාධනා කිරීම පිළිබඳව මහා කොමසාරිස්වරිය විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන්ට තම ස්තුතිය පුද කළාය. එසේම කස්සප හිමියෝ සිදුකරන ධර්ම ප‍්‍රචාර කටයුතු සහ ශාසනික සේවය ඇය අගය කළාය.
 
 රැස්ව සිටි පිරිස ඇමතූ කස්සප හිමියෝ මෙම උත්සවයට මහා කොමසාරිස්වරියගේ පැමිණීම පිළිබඳව සතුටුවන බවත් මෙම චෛත්‍යය යුරෝපයේ ඉදි කෙරෙන විශාලතම චෛත්‍ය බවත් පැවසූහ. පිරිස පංච සීලයෙහි පිහිටුවා පුණ්‍යානුමෝදනාව සිදු කරන ලද්දේ ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඹුරාවල රේවත හිමියෝය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles