Divaina - විදුලි බිලට සහන දීමේ වාර්තාව හෙට භාරදෙයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අරුණ බෝගහවත්ත
 
 විදුලි බිලට සහන ලබා දීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ සිව් පුද්ගල කමිටු වාර්තාව හෙට (06දා* විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිතය.
 
 එම කමිටු වාර්තාව ඉදිරියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.
 
 කොවිඞ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල්හි විදුලි ගාස්තු වැඩි බවට ජනතාව විසින් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධව පසුගියදා රැුස්වූ අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දුන් කරුණු අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දී ඇති උපදෙස් පරිදි ඇමැතිවරයා විසින් සහන ලබාදීමට නිර්දේශ ලබා දීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
 
 මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා කටයුතු කරයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙක් සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles