Divaina - පොහොට්ටුවේ මැතිවරණ ප‍්‍රචාරක වැඩ අඩු වියදමකින්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 නෝමන් පලිහවඩන
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව* මෙවර මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩි මුදලක් වැය නොකරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙවර මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වැඩි දින ගණනක් පවතින බැවින් නිවී සැනසිල්ලේ ප‍්‍රචාරක කටයුතුවල නිරත විය හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ඉදිරි ආණ්ඩුවක් පවත්වා ගෙන යා හැක්කේ කාටදැයි කියා රටේ බහුතරයක් ජනතාව වටහා ගෙන ඇති බැවින් පොහොට්ටුවේ ජයග‍්‍රහණය ස්ථිර බවත් අවශ්‍ය වී ඇත්තේ තුනෙන් දෙකක බලයක් බවත් අගමැතිවරයා කීවේය.
 
 මැතිවරණය සාමකාමියි. සෞඛ්‍ය ආරක්‍ෂණ උපදෙස්වලට අනුව මැතිවරණ කටයුතුවල නිරතවන ලෙස සියලූ අපේක්‍ෂකයන්ට උපදෙස් දී තිබෙනවා යැයි ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles