Divaina - ”අපේක්ෂා එක්ස්ප‍්‍රස්” බස් සේවාව නතර කරන්නැයි කළ ඉල්ලීම ප‍්‍රවාහන ඇමැති ප‍්‍රතික්ෂේප කරයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 
 අරුණ බෝගහවත්ත
 
මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා දිවයිනේ සෑම පළාතකින්ම පැමිණෙන පිළිකා රෝගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ආරම්භ කර ඇති ”අපේක්ෂා එක්ස්ප‍්‍රස්’’ බස් සේවාව නතර නොකරන බව ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
 
 පෞද්ගලික බස් රථ හිමියන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී එම බස් රථ සේවාව නතර කරන ලෙස බස් රථ සංගමයක් විසින් කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
 
 රෝගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ආරම්භ කළ ”අපේක්ෂා එක්ස්ප‍්‍රස්’’ බස් සේවාව කිසිසේත් නතර නොකරන බවත් එය පිළිකා රෝගී ජනතාව වෙනුවෙන් ඉදිරියටත් ක‍්‍රියාත්මක බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප‍්‍රවාහන සේවා ඇන හිටීම නිසා අපේක්ෂා රෝහලේ පැවැත්වෙන සායන සඳහා දිනපතා රෝගීන් විශාල ප‍්‍රමාණයක් පැමිණි අතර එම සායන සඳහා සහභාගි වීමට ප‍්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවනට මුහුණදුන් අතර ඊට විසඳුමක් වශයෙන් ඇමැතිවරයා විසින් ලංකා ගමනාගමන මණ්ඩලය හරහා අපේක්ෂා රෝහලට දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම බස් සේවාවක් අරඹන ලදී.
 
 එමෙන්ම රෝගීන් සායන සඳහා ඉදිරිපත්ව ආපසු යෑමේදී රෝහලෙන් ලබා දෙන ඇතැම් සංවේදී ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබා ගත යුතු හෙයින් මෙම බස් රථ තුළ ඒ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles