Divaina - මිල අඩු මොහොතේ ඉන්ධන වැඩිපුර රැස්කරන්නැයි සංස්ථාවට උපදෙස්

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අරුණ බෝගහවත්ත
 
 ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන මෙටි‍්‍රක් ටොන් විසිදාහක් පිරවිය හැකි මන්නාරම සහ කන්කසන්තුරේ පිහිටි ටැංකි දෙකට සම්පූර්ණයෙන් ඉන්ධන පුරවන ලෙස විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබේ.
 
 ලෝක වෙළෙඳ පොළේ විශාල ලෙස ඉන්ධන මිල අඩුවී තිබෙන මොහොතක පවා එම ටැංකි දෙකට ඉන්ධන පුරවා ඇත්තේ මෙටි‍්‍රක් ටොන් 2000 ක් පමණ බවට පසුගියදා සංස්ථා වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡුාවකදී ඇමැතිවරයාට දැන ගැනීමට ලැබී ඇත.
 
 එහිදී තෙල් මිල අඩුවී තිබෙන මොහොතක තෙල් තොග රැුස්කර ගැනීමට සංස්ථාව කටයුතු නොකිරීම පිළිබඳව ඇමැතිවරයා සංස්ථා නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
 
 ඒ අනුව මේ වනවිටත් එම තෙල් ටැංකි දෙක ඉන්ධනවලින් පුරවා ගබඩා කර තැබීමට සංස්ථා නිලධාරීන් කටයුතු කර ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles