Divaina - ආර්ථිකය පණ ගන්වන්න කොළඹ ව්‍යාපාරික සංගමයෙන් යෝජනාවලියක්

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේම අකර්මණ්‍ය වී ඇති සංචාරක කර්මාන්තය පණ ගැන්වීමට සහ දේශීය කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමට හැකි වන යෝජනා මාලාවක් කොළඹ ව්‍යාපාරික සංගමය විසින් රජයට ඉදිරිපත් කළ බවත් එය ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශ අතර ඒකාබද්ධ ක‍්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසත් තම සංගමය රජයට යෝජනා කරන බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මේ කමිටුව හරහා අදාළ අංශ අතර සම්බන්ධීකරණය ඇති කරගත හැකි බවද ඒ සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල නිලධාරීන්ගේ සහාය ද ලබාගත යුතු බවද ඔහු සඳහන් කළේය.
 
 ආර්ථිකය පණ ගැන්වීමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටලූ සම්බන්ධයෙන් මේ කමිටුව හරහා කඩිනමින් විසඳුම් ඇති කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
 
 කොළඹ ව්‍යාපාරික සංගමය විසින් පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ දී හමු වී මේ යෝජනා මාලාව ඉදිරිපත් කර ඇත.
 
 දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන දිවයින පුරා බෙදීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන තුළින් තොග වෙළෙඳාම ආරම්භ කිරීමත් ඒ සඳහා ගොවියා, තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර ඇප් එකක් හඳුන්වාදීම තුළින් අපතේ යෑම වළක්වා ගත හැකි වේ. එසේම අතරමැදියන් නොමැතිව පාරිභෝගිකයා අතටම භාණ්ඩ ලැබීම තුළින් ගොවියා සහ වෙළෙන්දා, පාරිභෝගිකයා යන සියලූ දෙනාටම සාධාරණයක් ඉටු වේ. එමෙන්ම ඒ තුළින් නිශ්චිත කර ගන්නා අස්වැන්න මැද පෙරදිග සහ මාලදිවයින වැනි රටවල්වලට අපනයනය කිරීමට හැකියාව ඇති බව බවද කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි.
 
 කලින් සැලසුම් කර තිබූ සාර්ක් වෙළෙඳ ප‍්‍රදර්ශනය ශ‍්‍රී ලංකාවේ ඉදිරියේ දී පැවැත්වීමේ වටිනාකම පෙන්වා දෙන එම සංගමය, ඒ තුළින් අපගේ නිෂ්පාදකයන්ට සාර්ක් කලාපීය රටවල වෙළෙඳපළ තව තවත් විවෘත කර ගැනීම පහසු වන බව ද කියයි.
 
 සංචාරක ක්ෂේත‍්‍රය මේ වන විට සම්පූර්ණ අකර්මණ්‍ය වී ඇති අතර, කොවිඞ් - 19 ලෝකය පුරා පැවතීම තුළින් එහි අවදානම තව තවත් තීව‍්‍ර වේ. එබැවින් මෙය මේ අවස්ථාවේ දී අප විසින් වැඩිහිටි සත්කාර සංචරණය අප රට තුළ හඳුන්වා දීම තුළින් යුරෝපා සහ අනෙකුත් රටවල වැඩිහිටි සංචාරකයන් අප රට තුළට ගෙන්වා ගැනීමට විශාල ඉඩකඩක් පවතී. ඒ තුළින් අපගේ ආගන්තුක සත්කාර, දේශීය ආයුර්වේද ක‍්‍රමය, භාවනා, යෝගා, වැනි අපට ආවේනික වූ ක‍්‍රම උපායන් හඳුන්වා දිය හැකි අතර කොවිඞ් - 19 වසංගත තත්ත්වය තුළ අපට මෙය ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි. මේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසද කොළඹ ව්‍යාපාරික සංගමය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles