Divaina - ඉදිරි ආර්ථික බලපෑම් අඩුකරගන්න දේශීය වෙළෙඳපොල ගොඩනැගිය යුතුයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති වනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
 මේ වසංගතය පාලනය කිරීම සදහා ගත ක‍්‍රියාමාර්ග තුළින් දේශීය ආර්ථික කටයුතුවලට ඇතිවන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇති විය හැකි බලපෑම හේතුවෙන් ශ‍‍්‍රී ලංකා ආර්ථිකයට මෙසේ සැලකිය යුතු බලපෑමක්ඇති කරනු ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
 
 ශ‍‍්‍රී ලංකාව මේ වන විට වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කළ මුල් ක‍්‍රියාමාර්ගවල ප‍‍්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක‍්‍රියාමාර්ගයන් හේතුවෙන් දේශීය ආර්ථික කටයුතුවලට බලපෑම් සිදුව තිබේ.
 
 දැනට සිදු වෙමින් පවතින ලෝක සමාජ-ආර්ථික අක‍්‍රීයතාව නිසා ඇති විය හැකි ආර්ථික ප‍‍්‍රතිවිපාක 2007- /08 ගෝලීය මූල්‍ය අර්බුදය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරණ බවත් විවිධ අවිනිශ්චිතතාවන් මධ්‍යයේ ලොව පුරා ප‍‍්‍රතිපත්ති සම්පාදකයින් මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීමට ප‍‍්‍රයත්න දරමින් සිටී
 
 දේශීය ආර්ථික ක‍්‍රි‍්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට රැුගෙන ඒමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම තුළින් ශ‍‍්‍රී ලංකාව මෙම වසංගතයෙන් මිදී නැවත යථා තත්ත්වයට පැමිණීම ඉක්මන් වනු ඇතැයි ද මහ බැංකුව පවසයි.
 
 ගෝලීය ක‍්‍රි‍්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම මන්දගාමීව සිදු වන තත්ත්වයක් තුළ, ශ‍‍්‍රී ලංකාවේ දේශීය ඉල්ලූම සමස්ත ඉල්ලූමේ සැලකිය යුතු ප‍‍්‍රමාණයක් නියෝජනය කරන බැවින් මෙසේ දේශීය ආර්ථික ක‍්‍රි‍්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට
 රැගෙන ඒමට අවශ්‍යපියවර ගත යුතු බවද මහ බැංකුව කියයි.
 
 පසුගියදා නිකුත් වූ 2019 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවේ මේ බව සදහන් වේ.
 
 එහි තවදුරටත් මෙසේ ද සදහන් වේ.
 
 මෙම කොවිඕ-19 වසංගතයේ ස්වභාවය අනුව ශ‍‍්‍රී ලංකා ආර්ථිකයේ කාර්යසාධනය කෙරෙහි එහි බලපෑම අවිනිශ්චිත සාධක කිහිපයක් මත රදා පවතී. දේශීය හා ගෝලීය ආර්ථිකයන්ට අදාළ වන පරිදි , වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම, වසංගතය ව්‍යාප්තවීම අවම
 
 කිරීමට ගන්නා පියවරවල ස්වභාවය සහ කාර්යක්ෂමතාව , සැපයුම් අංශයේ ඇති විය හැකි බිඳවැටීමේ ප‍‍්‍රමාණය
 
 සහ චර්යාත්මක වෙනස්කම්හි හා වෙනත් ආර්ථික රටාවන්හි කල් පැවැත්ම ඒ අතර වේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles