Divaina - බන්ධනාගාරය තුළම වයසට ගිය කොටි සැකකරුවන් පුනරුත්ථාපනය කරන්නැයි ටීඑන්ඒ රජයෙන් ඉල්ලයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 නෝමන් පලිහවඩන
 
 සැකපිට අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කර සමාජයට යොමු කරන ලෙස ද්‍රවිඩ ජාතික සංධානය රජයෙන් ඉල්ලා ඇත.
 
 මේවනවිට එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 86 දෙනකු පමණ වසර දොලහකට අධික කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින බවත් ඔවුන්ගෙන් වැඩිපිරිසක් මේවනවිට වයස්ගතව සිටින බවත් ද‍්‍රවිඩ ජාතික සංධානය රජයට දැන්ම්දී තිබේ.
 
 ඇතැම් සැකකරුවන් සම්බන්ධව පවරා ඇති නඩු තවම අවසන්වී නොමැති බවත් තවත් සැකකරුවන් පිරිසකට මේ දක්වා නඩු පවරා නැතිබවද පවසා ඇති ද්‍රවිඩ ජාතික සංධානය මේ අය සම්බන්ධව කඩිනමින් පියවරගෙන වයස්ගතව සිටින අය පුනුරුත්ථාපනයකර සමාජගතකරන ලෙසද ඉල්ලා ඇත.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගියදා ද්‍රවිඩ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පැවැති සාකච්ඡුාවේදීද මේ සම්බන්ධව අවධානය යොමුකර තිබේ.
 
 එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ මේසම්බන්ධව නීතිපති දෙපාර්තුමේන්තුවේ අවධානය යොමුකරන බවය.
  


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles