Divaina - ලංවිම ඉහළම ලොක්කෙක් කෙරවලපිටියට වෛර කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 
 
 අකිත පෙරේරා
 
කෙරවලපිටිය එල්. එම්. ජී. විදුලි බලාගාරය දෙවන අදියර කි‍්‍රයාත්මක කළහොත් නැවත විදුලි කප්පාදුවක් හෝ හදිසි මිලදී ගැනීම් නොමැතිව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වා ගත හැකි බව එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ සඳහන් කරති.
 
 කෙසේවෙතත් මෙම බලාගාරයේ ඉදිකිරීම් දිගින් දිගටම ප‍්‍රමාද වන බවටද චෝදනා එල්ල වන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ඉහළම තනතුරකින් එල්ල වන බලපෑම් නිසා මෙම ප‍්‍රමාදය සිදුවන බවද එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 මෙම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 ක් උත්පාදනය කළ හැකි වන අතර මෙය ඉතාම ඉක්මනින් ඉදිකර අවසන් කළ හැකි ව්‍යාපෘතියක් බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
 
 මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ද මෙම බලාගාරය ඉතා ඉක්මනින් ඉදිකරන්නැයි ද උපදෙස් දී ඇතත් අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් පිරිසක් එම උපදෙස් ද කි‍්‍රයාත්මක කිරීම මගහරිමින් සිටින බව හෙතෙම කීවේය.
 
 මෙම බලාගාරය ඉදි කළහොත් පෞද්ගලික අංශයෙන් විදුලිය හදිසි මිලදී ගැනීම් සඳහා යා නොහැකිවීමෙන් ඇතැම් බලධාරීන්ගේ මඩිය තර නොවන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. 


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles