Divaina - මෛත‍්‍රී මහ ඡන්දයට තරග කළොත් ශ‍්‍රීලනිපයට අවාසියි - පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

 
 අකිත පෙරේරා
 
ඉදිරි මහ මැතිවරණයට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළහොත් එය පක්ෂයට දැඩි අවාසි සහගත වනු ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ මතය වී ඇත.
 
 හිටපු ජනාධිපතිවරයා කෝටි 800 ක නිල නිවාසයක් ලබා ගැනීම සහ අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම ඇතුළු කාරණා රැසක් නිසා ජනතාව ඔහු පිළිබඳව දැඩි කලකිරීමකින් සිටින බව ශී‍්‍රලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීවේය.
 
 එබැවින් ඔහු තරග කළහොත් පක්ෂයේ ඡන්ද පදනමට දැඩි හානියක් වීම වැළැක්විය නොහැකි අතර එය අනෙකුත් අපේක්ෂකයන්ටද දැඩිව බලපාන බවද හෙතෙම පැවසීය.
 
 ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන්නේ නම් වඩාත් සුදුසු බවද එම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles