Divaina - වසවිස නැති පාරම්පරික සහල් අක්කර දස දහසක වගා කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 

 
 නෝමන් පලිහවඩන
 
කුඹුරු අක්කර දස දහසක වසවිසෙන් තොර පාරම්පරික සහල් වගාකිරීමේ වැඩ සටහනක් මෙම මස 23 දා දිවයින පුරා ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මෙම වසවිසෙන් තොර පාරම්පරික සහල් භාවිතා කර සෑම පාසල් දරුවකුටම ඖෂධීය කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලෙස තම සංගමය කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.
 
 එමගින් වර්තමානයේ බොහෝ දරුවන් ගොදුරුව සිටින දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝනොවන රෝග වලට ගොදුරුවීමෙන් වළක්වා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles