Divaina - උපන් බිමට එරෙහිව ශ‍්‍රී ලාංකිකයෝ තිදෙනෙක් මානව හිමිකම් යති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 


 කීර්ති වර්ණකුලසූරිය
 
ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී කටයුතු කරන්නැයි කියා ඉල්ලමින් ද්‍රවිඩ සංධානයේ මන්ත‍්‍රීවරයෙක්, මෑතකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවෙක් සහ ස්විට්සර්ලන්තයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙක් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය සමග පසුගියදා රහස් සාකච්ඡාවක නිරත වී ඇත.
 
 ජිනීවාහිදී පැවැති මෙම සාකච්ඡාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවත තිබේ.
 
 වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය ජිනීවා යෝජනාව ඉටු නොකරන බවත් ප‍්‍රති ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට සූදානම් වන බවත් පෙඩරල් පාලනය ප‍්‍රතික්ෂේප කරන බවත් යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා ප‍්‍රධානීන්ට උසස්වීම් ලබා දෙන බවත් යුද අපරාධ චෝදනා විමර්ශනයට යාන්ත‍්‍රණයක් ස්ථාපිත නොකරන බවත් සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකරන බවත් පවසමින් ඔවුන් මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි වාර්තා වේ.
 
 ජිනීවා මානව හිමිකම් සමුළුව මෙම මස 24 දා ආරම්භ වේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles