Divaina - රනිල්-සජිත් හමුවක් මේ සතියේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 අකිත පෙරේරා
 

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ සාකච්ඡා කොට සාධාරණ විසඳුමකට ඒමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟත්වය පළකොට ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අනාවරණය විය.
 
 ඒ සඳහා ඕනෑම අවස්ථාවක තමන් සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව රනිල් වික‍්‍රමසිංහ මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවත් මන්ත‍්‍රීවරුන් වෙත ප‍්‍රකාශ කර තිබේ.
 
 ඉදිරි මහ මැතිවරණය සම්බන්ධව මෙන්ම අනාගත දේශපාලන කටයුතු සම්බන්ධව ද ඉතා ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට ආ යුතු බැවින් වහාම සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.
 
 මේ සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ද සුබවාදී ආකල්පයක සිටින බවත් ඒ අනුව ඉතා ඉක්මනින් දෙදෙනා හමුවී සාකච්ඡා කොට විපක්ෂ නායක ධුරය ඇතුළු අනෙකුත් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයකට පැමිණෙනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වැඩිදුරටත් අනාවරණය විය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles