Divaina - බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයට සිංහල ජනයාගේ විරෝධය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 landan


 සුජීව නිවුන්හැල්ල
 
බි‍්‍රතාන්‍ය මහා මැතිවරණය යෙදී ඇත්තේ දෙසැම්බර් 12 වැනිදාටය. මහජනයාගේ ඡන්දය දිනා ගැනීම සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය හා විපක්ෂය ලෙස කටයුතු කරන කම්කරු පක්ෂය නොයෙකුත් පොරොන්දු ඉදිරිපත් කරමින් සිටිති.
 
 1983 වසරේ ශ‍්‍රී ලංකාවේ කළු ජූලියෙන් පසුව විශාල වශයෙන් දෙමළ ජනයා සරණාගතයින් වශයෙන් බි‍්‍රතාන්‍යයට පැමිණියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබා ගෙන තිබේ. ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් කම්කරු පක්ෂය බලයට පැමිණියහොත් ශ‍්‍රී ලංකාවේ වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනයාගේ අයිතීන් සුරැකීමට කටයුතු කරන බව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි.
 
 එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගය ඇතිව ශ‍්‍රී ලංකාවේ වෙසෙන සුළු ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් සුරකින බව කම්කරු පක්ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් කොට තිබේ.
 
 මීට අමතරව කම්කරු පක්ෂයේ ඡායා මුදල් ඇමැති ජෝන් මැක්ඩොනල් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ දෙමළ ජනයාට එරෙහිව ශ‍්‍රී ලංකාවේදී පැවති කෲර පාලන සමයේදි ජෙරමි කෝබින් සහ ඔහු දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටි බවයි.
 
 දෙමළ ජනයාගේ නිජ භූමිය යුද හමුදාව අත්පත් කරගෙන සිටින බවත් වහාම ඔවුන් ඉවත් කර ගන්නා ලෙසත් ඔහු ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. දෙමළ ජනයාගේ මානුෂික අයිතිවාසිකම් සුරැකෙන පරිදි ඔවුන්ගේම පාලන ක‍්‍රමයක් ඇති කර ගත හැකි අන්දමේ දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව ඔහුගේ අදහසයි. බි‍්‍රතාන්‍ය රජය ශ‍්‍රී ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු කිරීමේදි ශ‍්‍රී ලංකා රජය මානුෂික අයිතිවාසිකම් සුරකින අන්දම පිළිබඳව සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. එසේම ශ‍්‍රී ලංකාවේ ඇති බි‍්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ශ‍්‍රී ලංකා රජයේ මානුෂික අයිතිවාසිකම් කඩ කිරීම් නිරීක්ෂණය කළ යුතු බවද ඔහුගේ අදහසයි.
 
 එසේම ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ ඉතිහාසය පිළිබඳව ඔහු සෑහීමකට පත් නොවන බවත් අනාගතය පිළිබඳව බිය උපදවන බවත් ඔහු පවසයි. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගි කරගෙන දෙමළ ජනයාට කරදර කරනු ඇති බවත්, නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැතිවනු ඇති බවත්, මාධ්‍යවේදීන්ට කරදර ඇතිවනු ඇති බවත් ඔහුගේ මතයයි.
 
 මෙම තත්ත්වය යටතේ බි‍්‍රතාන්‍යයේ වෙසෙන බොහෝ සිංහල ජනයා මෙවර මැතිවරණයේදී කම්කරු පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සූදානමින් සිටිති. එසේම ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස්වරිය වන මනීෂා ගුණසේකර මහත්මිය මෙම තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා කම්කරු පක්ෂයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles