Divaina - රනිල්, සජිත්ගේ රැලි 40 ක් අමතයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රධාන ප‍්‍රචාරක රැලි හතළිහකට අධික ප‍්‍රමාණයක් ඇමතීමට නියමිතය.
 
 ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පෙරවරුවේ ලග්ගල නව නගරයේදී පැවැත්වූ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන ප‍්‍රචාරක රැලියකට සහභාගි වෙමින් එම මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය හා එක්විය.
 
 ඉන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 22 දා කටුගම්පල ඇතුළු තවත් ජන රැලි කිහිපයකට ද ලබන 23 දා කැලණිය ඇතුළු ජනරැලි කිහිපයකට ද සහභාගි වනු ඇත.
 
 සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වික‍්‍රමසිංහ මහතා විවිධ හමු රැසක ද ප‍්‍රධාන රැලි හතළිස් පහකට පමණ සහභාගි වීමට නියමිත බව ද අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීය.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles