Divaina - විජයදාසගේ සහාය ගෝඨාට

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 


 
 අනුර බාලසූරිය
 
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු ඉදිරි දිනවලදී එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග මෙම එ.ජා.ප. මන්ත‍්‍රීවරු සාකච්ඡුා කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවැසීය.
 
 එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පෙරේදා (18 දා) එ.ජා.ප. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට එක්විය.
 
 විජේදාස රාජපක්‍ෂ මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකරමින් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ සාකච්ඡුාවක් ද පෙරේදා (18 දා) පැවැත්වීය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය පළ කිරීමට කැමැත්ත දක්වන දූෂණ චෝදනා එල්ල නොවන එ.ජා.ප මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය පමණක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles