Divaina - අපේක්‍ෂකයන් සිව්දෙනෙක් නියෝජිත ලේඛන එකට අමුණා තැපෑලට දමලා

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 රනිල් ධර්මසේන
 
ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සිව්දෙනකු විසින් තම පක්‍ෂ නියෝජිතයන්ට නාම ලේඛන ඇතුළත් ලිපි කවර හතර එකට අමුණා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයකට තැපැල් මගින් එවා තිබේ.
 
 එම ලිපි හතරම එකම තැපැල් කාර්යාලයකින් එකවර එක් පුද්ගලයකු විසින් තැපෑලට භාර දී ඇති බවට තැපැල් මුද්‍රා හා ඇමුණුම් මගින් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ නිලධාරියකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.
 
 අපේක්‍ෂකයකුට තවත් අපේක්‍ෂකයකුට වාසි වන ප‍්‍රකාශ කළ නොහැකි අතර. තවත් අපේක්‍ෂකයකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව ද හෙතෙම කීය. එමෙන්ම අපේක්‍ෂකයකුට රටපුරා කාර්යාල 12600 ක් පිහිටුවිය හැකි අතර කිසිදු කාර්යාලයක වෙනත් අපේක්‍ෂකයකුගේ ප‍්‍රචාරණ කටයුතු සිදුකළ නොහැකි බව ද කීය.
 
 තවත් අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටීමට අපේක්‍ෂකයන් කටයුතු කළහොත් ඔවුන්ගේ නම් රටට හෙළිදරව් කරන බවද හෙතෙම කියා සිටියේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles