Divaina - උපයන විට ගෙවීම් බදු අඩුකරයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
උපයනවිට ගෙවීම් බද්දට යටත් වන ආදායම් සීමාව රු. ලක්‍ෂයේ සිට රු. 125,000 ක් දක්වා ඉහළ නංවන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
 
 මේ අනුව තවත් විශාල පිරිසක් උපයන විට ගෙවීම් බද්දෙන් නිදහස් වනු ඇතැයි ද මුදල් ඇමැතිවරයා කියයි.
 
 මහින්ද රාජපක්‍ෂ රජය සමයේ රු. 62,500 ට වඩා උපයන හැම කෙනෙක්ගෙන්ම උපයන විට ගෙවීමේ බද්ද අය කළා. එහෙත් අපේ රජය එම ආදායම් සීමාව රු. ලක්‍ෂය දක්වා වැඩි කළා. ඒ නිසා ලක්‍ෂ පහකට ආසන්න ප‍්‍රමාණයක් බදු ගෙවීමෙන් නිදහස් වූ බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ උපයනවිට ගෙවීම්බදු අය කරන සීමාව ඉදිරියේදී රු ලක්‍ෂයේ සිට රු. 125,000 දක්වා වැඩි කිරීමෙන් තවත් විශාල ප‍්‍රමාණයක් උපයන විට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීවේය.
 
 මේ වසරේ (2019) උපයන විට ගෙවිම් බද්දෙන් රු. බිලියන 62 ක් ලැබීමට නියමිතව ඇතැයි ද සඳහන් කළ මුදල් ඇමැතිවරයා කීවේ පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ආර්ථිකය බංකොලොත් වනු ඇති බවයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles