Divaina - අපේ ජයග‍්‍රහණය ඇල්පිටියෙන් පටන් ගත්තා- විපක්‍ෂ නායක

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 mahinda


 නෝමන් පලිහවඩන
 

දේශපාලන බලය යොදා බාගෙට පිට්ටනි පිරවූ තරමට ජනතාවගේ හදවත් දිනාගත නොහැකි බව ඇල්පිටිය ජනතාව එජාපයට සහ ජවිපෙට උගන්වා ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජයග‍්‍රහණය පිළිබ`දව ප‍්‍රකාශයක් කරමින් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.
 
 වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිට කටයුතු කළේ රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීමට වුවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුව කටයුතු කරන්නේ රට සංවර්ධනය කිරීමට යැයි ද විපක්‍ෂ නායකවරයා පැවසීය.
 
 ජනාධිපතිවරණය ඉතා සාමකාමීව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලූ කි‍්‍රයාමාර්ග ගතයුතු බවත් මැතිවරණ නීති රීතිවලට අවනතව කටයුතු කිරීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි පැවසූ විපක්‍ෂ නායකවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමක් සිදු නොකරන බවත් ඔවුන් ද රට සංවර්ධනය වෙනුවෙන් දායක කරගන්නා බවත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles