Divaina - රජයේ වියදම් සියයට දහයක් කපාහරී

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 

 


 අකිත පෙරේරා
 
පාස්කු ප‍්‍රහාරය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා රජය ඉදිරි මාස දෙකට අදාළ රාජ්‍ය වියදම් වලින් සියයට දහයක් (10%) කපාහැරීමට තීරණය කර ඇත.
 
 ඒ අනුව වාහන මිලදී ගැනීම්, ප‍්‍රමුඛතා නොවන ව්‍යාපෘතීන්, මෙතෙක් ආරම්භ කර නොමැති අයවැය යෝජනා, අත්‍යවශ්‍ය නොවන ගෘහ භාණ්ඩ, කාර්යාලයීය උපකරණ මිලදී ගැනීම ආදිය ලබන වසර දක්වා කල් දමන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග මහතා සියලූම අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් සභා, සංස්ථා දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රධානීන් වෙත දැනුම්දී තිබේ.
 
 පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා ඇතිවූ අයහපත් ආර්ථික තත්ත්වය තුළ මෙම වසරේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවීම සහ ණය ගැනීමේ සීමාවන් පිළිබඳව සලකා බලමින් මෙම පියවර ගනු ලබන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 ආණ්ඩුව මෙම වසරේ ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරන ලද ප‍්‍රතිපාදනවලින් මේ වන විට සියයට පහළොවක් (15%) අඩුකර ඇත.
 
 ඒ අනුව රජය 2019 වසර තුළ කපා හැර ඇති මුළු රාජ්‍ය වියදම් ප‍්‍රමාණය සියයට විසිපහකි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles