Divaina - රනිල් ද සජිත් ද තීන්දුව 25දා

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 


 
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව මතුවී ඇති මතබේදකාරී තත්ත්වය මෙම සතියේදී අවසන් කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ඒ අනුව ලබන බදාදා (25 දා) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස හෝ කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් කෙනකු තෝරා පත්කර ගනු ඇත.
 
 ජනාධිපති අපේක්ෂකයා බොහෝවිට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර කැමැත්තෙන් තෝරා ගැනීම හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් යෝ්ජනා කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචිමාර්ග පැවසීය.
 
 කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවත් පාර්ශ්වය පවසන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ ද අනුමැතිය ඇතිව සිදුකළ යුතු බවය.
 
 එජාප අපේක්ෂකයා තේරීම සඳහා රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් සහ දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබේ.
 
 එම කමිටුවේ නිර්දේශ ද මෙහිදී සලකා බැලීමට නියමිතය.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles