Divaina - නව සන්ධානයක් ගොඩනැ`ගීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කරනවා - විපක්‍ෂ නායක

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 අනුර බාලසූරිය
 
පුළුල් සන්ධානයක් ගොඩනැ`ගීම පිළිබඳව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතා ඉක්මණින්ම අවසන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු සාකච්ඡා කර එකඟතාවකට එළඹෙනු ඇතැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.
 
 පක්‍ෂ දෙක එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කරන බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා නොබෝ දිනකින් එම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් පැවසීය. කෙසේ වුවත් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කර තිබියදීත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා තෝරා ගැනීමට තවමත් නොහැකි වී ඇති තත්ත්වයක් තුළ අපටද හදිසියක් නැතැයි ද කීවේය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles