Divaina - සජිත් පිලේ 20 ක් රනිල්ටත් සහාය පළ කරති

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 කුෂාන් සුබසිංහ
 
එජාප ජනාධිපතිධුර අපේක්‍ෂකත්වය සඳහා සජිත් පේ‍්‍රමදාස පත් කරන ලෙසට ලියුම් ලබා දුන් මන්ත‍්‍රීවරුන් අතුරින් පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන ලෙසට ද ලියුම් ලබා දී ඇත.
 
 එජාප ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකු හමුවේ පැවැති සාකච්ඡුාවකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම හෙළිදරව්ව කර තිබේ.
 
 එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ජනපති අපේක්‍ෂක ලෙස පත් කරන ලෙසට ලියුම් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 55 දෙනා අතරින් 20 දෙනෙකු තමාට ද ජනපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන මෙන් ලියුම් ලබා දී ඇතැයි අගමැතිවරයා එහිදී ඔවුන් හමුවේ පවසා තිබේ.
 
 අරලියගහ මන්දිරයේ දී පසුගිය බදාදා පැවැති එම හමුව සඳහා ඇමැතිවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, සාගල රත්නායක යන ඇමැතිවරුන් ද අගමැති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද සහභාගි වී ඇත.
 
 එජාප විනය කඩ කිරීමත්, පක්‍ෂයේ නායකයා විවේචනය කිරීමත් ඇතුළු චෝදනා මත ඇමැති කබීර් හෂීම් මහතාට සහ රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බවත් අගමැතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.
 
 පක්‍ෂයේ විනය කඩ කරමින්, පක්‍ෂයට විරුද්ධව අදහස් දක්වන පිරිස්වලට එරෙහිව ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොදෙන බව ද අගමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles