Divaina - ශාන්ත-මනෝජ් හේරත් මේ සතියේ දිවුරුම් දෙති

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 shantha
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස ශාන්ත බණ්ඩාර, එච්. එච්. ඞී. බී. හේරත් සහ මනෝජ් සිරිසේන යන මහත්වරු මේ සතියේදී දිවුරුම් දීමට නියමිතය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප‍්‍රාප්ත වීමත් සමග හිස් වු මන්ත‍්‍රි ධුරය ලබා ගැනීමට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
 
 නමුත් කුරුණෑගල දිස්ත‍්‍රික් තේරම්භාර නිලධාරිවරයා එම මන්ත‍්‍රිධුරය සඳහා එච්. එච්. ඞී. බී. හේරත් මහතා පත් කිරීමට පියවර ගනු ලැබීය.
 
 ඒ අනුව ශාන්ත බණ්ඩාර මහතා නැවත වරක් ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.
 
 මනෝජ් සිරිසේන මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ මාතර දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ චන්‍ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයත් සමග හිස් වූ මන්ත‍්‍රි ධුරය වෙනුවෙනි.
 
 එම පුරප්පාඩුව සඳහා මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්‍ෂකයන් අතර පෙරමුණේ සිටින මනෝජ් සිරිසේන මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ඉකුත් 12 වැනිදා ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles