Divaina - පොලිසියට එරෙහිව පැමිණිලි පන්දහසක්

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
මෙරට පොලිස් ඉතිහාසයේ මුල් වරට පොලිසියට එරෙහිව පැමිණිලි 5400 ක් පොලිස් කොමිසමට ලැබී ඇත. මින් පැමිණිලි 457 ක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පහළ නිලධාරීන්ට එරෙහිවය.
 
 පහරදීම්, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම්, බොරු චෝදනා දමා නඩු ගොනු කිරීම්, වධ හිංසා පැමිණවීම්, අල්ලස් ගැනීම් සහ නීති විරෝධීව රිමාන්ඞ් භාරයට පත්කිරීම් යන චෝදනා මෙම පොලිස් නිලධාරීන්ට එල්ල වි ඇත. මෙයට අමතරව කාන්තාවන්ට සහ ළමුන්ට හිංසා සිදුකිරීම් ගැන ද පැමිණිලි ඉදිරිපත් වී තිබේ.
 
 පොලිස් අත්අඩංගුවේ සිටියදී මරා දැමූ බව දක්වන පැමිණිලි 70 ක් ද පොලිසියට එරෙහිව පොලිස් කොමිසමට ලැබී ඇත.
 
 මෙලෙස පොලිසියට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි අතරින් විමර්ශනය සිදු වූ පැමිණිලිවලින් පොලිස් නිලධාරීන් 290 ක් වරදකරුවන් වී තිබේ.
 
 මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් කොමිසම පොලිස්පති වෙත නිර්දේශ කර ඇත.
 
 2015 දී පොලිස් කොමිසම ආරම්භවීමෙන් පසු වසරකට පොලිසියට එරෙහිව පැමිණිලි 400 ක් ලැබුණ අතර 2016 දී එය පැමිණිලි 1700 ක් තෙක් වැඩි වී තිබිණි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles