Divaina - ශ‍්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


  chandri
 
 ප‍්‍රියදර්ශන ලියනගේ
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කොට යළි ගොඩනැ`ගීමේ වගකීම තමන් භාරගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී ඇත.ඉකුත් 15 වැනිදා ශ‍්‍රී ලනිප මූලස්ථානය වෙත පැමිණ ඇති කුමාරතුංග මහත්මිය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමු වී මේ බැව් සඳහන් කර ඇති අතර පක්‍ෂය තවත් පක්‍ෂවල අතකොළුවක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු බවද සඳහන් කර තිබේ.
 
 ඉදිරි සතියේ සිට ශ‍්‍රී ල. නි. පක්ෂය ගොඩනැ`ගීමේ කටයුතුවලට ක‍්‍රියාකාරීව දායක වන බවත් ඒ සඳහා පක්‍ෂ මූලස්ථානයේ වෙනම කාමරයක් තමන් සඳහා වෙන් කරන ලෙසත් ඇය නිලධාරීන්ට දැනුම් දී ඇත.
 
 ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායකත්වය ලබාගත් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක‍්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධව පක්‍ෂයේ මහ ලේකම්වරයාට චෝදනා එල්ල කර ඇති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වහාම ඒ සඳහා පියවර ගන්නා ලෙසද සඳහන් කර තිබේ.
 
 මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා ඇතුළු පක්‍ෂ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සහභාගී වී ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles