Divaina - ජාතික ආරක්‍ෂාව විවේචනය ගැන ජනපතිගෙන් දෝස්මුරයක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 rata
 
 සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර
 
ජාතික ආරක්‍ෂාව විධිමත් ලෙස පවත්වාගෙන යන විටදී ඇතැම් දේශපාලනඥයන් කරන වාචාල කතා නිසා රටේ ජනතාව තුළ ජාතික ආරක්‍ෂාව පිළිබඳව සැකයක් මතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
 
 ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කරනු ලබන අනවශ්‍ය විවේචන රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බවත් තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත‍්‍ර, පටු දේශපාලන අදහස්, දේශපාලන කුහකකම් අනුව ඔවුන් මෙම ප‍්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 විපක්‍ෂයේ නොව රජයේම ඇතැම් මැති ඇමැතිවරුන් ජාතික ආරක්‍ෂාව දුර්වල යැයි පවසන බවත් පසුගිය දිනෙක ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ත‍්‍රස්තවාදීන් සියයට පනහක් පමණ නිදැල්ලේ සිටින බව පවසනු තමා දුටු බවත් පැවසූ ජනාධිපතිවරයා මින් ජනතාව තුළ භීතියක් ඇතිවීම මෙන්ම රටේ සංවර්ධනය අඩපණ වීමද සිදුවන බව ප‍්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles