Divaina - ශ‍්‍රීලනිප පොහොට්ටුව මේ සතියේත් සාකච්ඡුා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 
 අරුණ බෝගහවත්ත
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡුාවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව පවත්වනු ලබන ප‍්‍රථම සාකච්ඡුාව මෙය වේ.
 
 මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කර ඇති රට ගොඩනගන වැඩපිළිවෙළ සහ දෙපාර්ශ්වය අතර ගොඩනඟන සන්ධානයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිත බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
 
 බොහෝදුරට මෙම සාකච්ඡුාවට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද රැස්වීමට නියමිත බව කී මහින්ද අමරවීර මහතා පක්ෂයේ එහිදී ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිත බවද කීවේය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles