Divaina - බතට ලූණු දැමීමෙන් රුධිර පීඩනය වැඩිවේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 

 ඒමන්ති මාරඹේ
 
අධි රුධිර පීඩනයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතියද තවමත් ශ‍්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට 52.8 ක් දෙනා බත් පිසීමේදී අනවශ්‍ය ලෙස ලූණු එකතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
 
 බත් සමග ආහාරයට එක් කරගන්නා වෑංජන සඳහා ලූණු එක් කරන බැවින් බත් පිසීමේදී අමුතුවෙන් ලූණු එකතු කිරීම අනවශ්‍ය කරුණක් බව අමාත්‍යංශය පවසයි. මෙසේ බත් පිසීමේදී එක් කරගන්නා ලූණු ප‍්‍රමාණය හේතුවෙන් අධි රුධිර පීඩනයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් පවතින බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 27 ක්ම ලූණු අධික සකස් කළ ආහාර වර්ග පරිභෝජනයට හුරු වී සිටීමද අධි රුධිර පීඩනය වැඩි වීමට හේතු වී ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. ලූණු වෙනුවට වෑංජන රසවත් කරගැනීම සඳහා කරාබු නැටි, කුරුඳු පොතු, කරදමුංගු, උළු හාල් වැනි දේශීය කුළුබඩු වැඩියෙන් භාවිත කළ හැකි බව වෛද්‍ය මතය වී තිබේ.
 
 වැඩිහිටි අයෙකු දළ වශයෙන් දිනකට පරිභෝජනය කළ යුතු ලූණු ප‍්‍රමාණය වශයෙන් සැලකෙනුයේ ග‍්‍රෑම් 5 කට එනම් මිලි ග‍්‍රෑම් 2000 කට අඩු ප‍්‍රමාණයකි (තේ හැන්දකට මඳක් අඩුවෙන්)
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles