Divaina - උසස් පෙළට නව විෂයයන් හතරක්

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 නිලන්ත මදුරාවල
 
උසස් පෙළ අනිවාර්ය අධ්‍යාපනය යටතේ හඳුන්වා දුන් විෂයයන් 26 න් හතරක් ඉවත් කර නව විෂයයන් හතරක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
 වෙබ් නිර්මාණකරණය, මෘදුකාංග සංවර්ධනය, කලාව හා පිරිසැලසුම්කරණය සහ පරිසර අධ්‍යයනය යන විෂයයන් මෙලෙස ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට පරිගණක දෘඪාංග හා ජාලකරණය, නිමැවුම්කරණය, ප‍්‍රවර්ධනය හා අලෙවිකරණය සහ මුද්‍රණය යන විෂයයන් අලූතින් හඳුන්වා දීමට නියමිතය. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය හා ඉංග‍්‍රීසි විෂයයන්ට අඩු දක්‍ෂතාවක් දක්වන සිසුන්ට ඉහත විෂයයන් හැදෑරීමට ඇති අපහසුතාව ප‍්‍රධාන වශයෙන් සලකා බලා එම විෂයයන් ඉවත් කිරීමේ තීරණය ගෙන තිබෙන අතර ඊට අමතරව පාසලේ දී එම විෂයයන් හැදෑරීමෙන් පසු ආයතනගත පුහුණුවට යොමු කිරීමේදී ද ගැටලූ මතු වී තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. එම විෂයයන් සඳහා සිසුන් දක්වන අඩු දක්‍ෂතාව එම තත්ත්වයට ද හේතු වී ඇත.
 
 උසස් පෙළ අනිවාර්ය අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ දී පාසල් 42 කට සිසුන් 2400 දෙනෙක් ඇතුළත් කෙරුණු අතර දෙවැනි අදියර යටතේ පාසල් 154 කට සිසුන් 6400 දෙනෙක් ඇතුළත් කෙරිණි. තෙවැනි අදියර යටතේ පාසල් 112 කට සිසුන් 5000 ක් පමණ ඇතුළත් කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles