Divaina - පාස්කු ප‍්‍රහාරයේ කමිටු වාර්තාව මේ මාසයේ එළියට

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 අජිත් අලහකෝන්
 
 පාස්කු දින ප‍්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව මෙම මස තුළ කථානායකවරයාට භාර දීමට හැකිවනු ඇතැයි එම කාරක සභාවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
 පුද්ගලයන් දෙසිය පනහකට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් රැසකට හානි සිදුවී දේපළ විනාශ කරමින් අපේ‍්‍රල් 21 දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා විසින් මෙම විශේෂ තේරීම් කාරක සභාව පත් කළේය.
 
 එම ප‍්‍රහාරයට පෙර ඒ පිළිබඳ බුද්ධි තොරතුරු නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේ ද, එම ප‍්‍රහාර වැළැක්වීමට හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප‍්‍රමාණවත් පියවර ගත්තේ ද යන්නත්, ඒ සම්බන්ධව රාජ්‍ය යාන්ත‍්‍රණයේ අඩුපාඩු තිබුණේ ද යන්නත් මෙම තේරීම් කාරක සභාව විසින් සොයා බැලේ.
 
 මේ වනවිට තේරීම් කාරක සභාව හමුවේ ඉතා වැදගත් සාක්ෂි තුනක් ඉදිරිපත්ව ඇතැයි ද ඉදිරි දිනවල ද තවත් වැදගත් සාක්ෂි ඉදිරිපත් වනු ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජුලි 09 සහ 10 යන දෙදිනවල විවාද කරන අතර එම විශ්වාසභංග යෝජනාව විවාදයට පෙර තේරීම් කාරක සභාවේ වාර්තාව ලබා දීමට තීරණය කර ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles