පවතින කොවිඩ් තත්ත්වය හමුවේ හෙට (01දා) ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය විභාගය ආරම්භයට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සියලු අපේක්ෂකයින්ගෙන් විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.
මෙතෙක් දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ පැවැත්වේ.මාර්තු 10 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 9531කදී මෙවර විභාගය පැවැත්වේ.කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම විභාග මධ්‍යස්ථාන 02 බැගින් පිහිටුවා ඇත.
- Hits: 251