මහර බන්ධනාගාරයේ සිටි පකිස්ථාන ජාතික රැඳවියෙකු කොවිඞ් 19 වෛරස රෝගයට ගොදුරුව ඊයේ (28දා) රාගම රෝහලට ඇතුළත්කර සිටියදී මියයාමත් සමග එම බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවී තිබෙන නොසන්සුන් කාරී තත්ත්වයක් නිසා මේවනවිට එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නියාමකවරුන් පියවරගනිමින් සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
මීට දින කිහිපයකට පෙරද මහර බන්ධනාගාරයේ සිටි 88 හැවිරිදි රැඳවියකුට කොවිඞ් රෝගය වැළඳී රාගම රෝහලට ඇතුළත්කර සිටියදී මරුමුවට පත්විය.
- Hits: 355