Divaina - ශ්‍රී ලංකා රාමක්ඤ මහ නිකායේ 14වැනි මහනායකධුරයට මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ පත්වෙති

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tera
මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ ශ්‍රී ලංකා රාමක්ඤ මහ නිකායේ 14වැනි මහනායකධුරයට  පත්වූහ.
මහනුවර මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර මහ විහාරාධිපතිව වැඩවිසූ මහ විහාර වංශික ශ්‍රී ලංකා රාමක්ඤ මහ නිකායේ 13 වැනි මහනායක ධූරය හෙබවූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට  
උන්වහන්සේ මෙලෙස පත්ව සිටිති.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ධූරයේ 2020 සැප්තැම්බර් 25 දින සිට කටයුතු කරමින් සිටි මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ එම පාර්ශවයේ අධිකරණ සංඝනායක,සංඥා ලේඛකාධිකාරී ඇතුළු පදවි රැසක් හොබවමින් රාමඤ්ඤ නිකායටත් සම්බුදු ශාසනයටත් උදාර සේවයක් කළ ධර්මධර,විනයධර සංඝ පීතෘ නමකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂ කාරක සංඝ සභාව මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගාරයේදී අද (22දා) රැස්ව මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන් මහනායක පදවියට ඒකමතිකව තෝරා පත්කර ගත්හ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles