Divaina - එන්නත සහ පොඩි බිලක්... තානායම්පල්ලගේ සටහන

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 tana135‘‘...මොකද කරන්නේ... වැක්සීන් එකක් විද ගන්නවද?... එහෙම නැත්නම් මේ ටිකත් ඔහොමම ඇද ගන්නවද?...’’
 
 ක‍්‍රිෂාන් ජයරුක් මාධ්‍ය සගයා දුරකථනයෙන් විමසන්නේ ලෙංගතු හ`ඩිනි. ‘‘...මොනවා අහනවද?... දෙකක් නෑ විදගමු ඕන කෙහෙම්මලක් වෙන්න...’’ මම එක හෙලා ක‍්‍රිෂාන් සගයාට පැවසුවා.
 
 ඒ අනුව එන්නත් වැඩසටහන පැවැත්වෙන පරිශ‍්‍රයට මා පිවිසෙන විට දහසකට ආසන්න පිරිසක් එහි එක්රොක් වී සිටියා.
 
 ඒ අතරවාරයේ එම එන්නත් වැඩසටහන සංවිධානය කරනා අය හැ`ද සිටිනා ටීෂර්ටයකින් සැරසුණු තරුණ පෙනුමැති එක්තරා නිලධාරියකු අහඹු ලෙස මගේ නෙත ගැටුණා.
 
 මගේ මතකය නිවැරදි නම් හරියටම හරිය. මේ ඒ ඔහුමය. මගේ සිත වේගයෙන් අතීතයට ඇදී ගියා.
 
 විවාහ මංගල්‍යයක් වෙනුවෙන් තානායමේ සියලූ අංශ සූදානම් වී තිබුණා.
 
 එහි යම් අඩුපාඩුවක් ඇත්දැයි නැවතත් සොයා බැලීමට මා තානායම් ආලින්දය වෙත ඇවිද ආවා.
 
 එවිට මට පෙනෙන්නේ විවාහ උත්සවයට පැමිණි අමුත්තන් නොවන හතර දෙනකුගෙන් යුත් පිරිසක් අපේ තානායම් වේටර් මහේෂ් සමග සංවාදයකට පැටලී සිටිනා අයුරුයි.
 
 ‘‘...ඒ කියන්නෙ වේටර් මල්ලි තානායමේ වෙඩින් එකක් තියෙන දවසට ඔයාලා පිට අමුත්තන්ට සංග‍්‍රහ නැද්ද?.. එහෙම දවස් වලට අපි වගේ පොඩි අයට තනායමෙන් බත් වේලක් කන්න බැරිද?...’’
 
 පැමිණ සිටි අමුත්තන් සිව් දෙනා අතරේ සිටි තරුණ පෙනුමෙන් යුතු ජ්‍යෙෂ්ඨතමයා අපේ වේටර් මහේෂ් ගෙන් පැහැදිලි විමසීමක් කරනු ඇසුණා.
 
 ‘‘...හරි... එතකොට මේ මහත්තුරුන්ට මොකක්ද අපෙන් වෙන්න ඕනෑ...’‘
 
 මම සිනා මුසු මුහුණෙන් ගැටලූවට අවතීරණ වුණා.
 
 ‘‘...නෑ බොස්... අපි මේ දවල්ට කැම ටිකක් ගන්නයි බැලූවේ... නමුත් මේ වේටර් මල්ලි කියනවා අද මෙහේ වෙඩින් එකක්ය අවුට් සයිඩර්ස්ලාට කෑම ගන්න ටිකක් අමාරුය කියලා...
 
 ඉතින් ඒවගේ පොදු ස්ථාන මේ වගේ ලොකු බිල් ගෙවන වැඩ වලට විතරක් කොටු කරගත්තාම, පොඩි බිල් ගෙවන මේ අපි වගේ හුදී ජනයා කොහේද යන්නේ්...’’
 
 අමුත්තා ආවේගය ස`ගවා ගනිමින් කියා සිටියා.
 
 ‘‘... මෙතන තියෙන ගැටලූව මේකයි මහත්මයා... හෝටල් වගේ නෙමෙයි... තානායමක බොහෝ විට පැවැත්වෙන්නේ තියෙන එකම ප‍්‍රධාන ශාලාවෙ එක වෙඩින් එකයි...
 
 ඒ වගේ පසුබිමක ආගන්තුක කණ්ඩායමක් වන ඔබතුමාලා භෝජනාගාරෙම මේසෙකට වෙලා වෙනම කෑම කනකොට වෙඩින් එකේ සංවිධායකයන්ට හිතෙන්නේ එයාලාට පිළියෙල කරපු කෑම පිටස්තර අයටත් විකුණලා අපි අයුතු ලාබයක් ගන්නවා වගේ හැ`ගීමක්...’’
 
 මම දිගින් දිගටම කියාගෙන ගියා.
 
 ‘‘..මම මේ කතා කරන්නේ මේ වේටර්ලා අපි අතීතෙ මුහුණ දීපු සජීවී අත්දැකීම් තුළින්...
 
 නමුත් අර ලොකු බිල් පොඩි බිල් කතාව නම් මෙතනට අදාළම නෑ.. මොකද අද පොඩි බිලක් ගෙවන අමුත්තට හරියට සැලකුවොත් තමයි ඔහු හෙට ලොකු බිලක් ගෙවන වැඩකදිත් අපිව සොයාගෙන එන්නේ්... අපේ තානායම් දැක්ම ඒකයි මහත්මයා...’’
 
 මමත් එක හුස්මට දීලා ඇද්දා.
 
 මගේ කතාවේ හරය විඥාන ගත වෙන්නට ඔවුන්ට සුලූ කාලයක් ගත වනු පෙනුනා.
 
 ‘‘... සොරි බොස්... අපි එච්චර දුරක් හිතුවෙ නෑ... කමක්් නෑ... අපි තේරුම් ගන්න එපායැ... යන්නම්... වෙනින් දවසක එන්නම්...’’
 
 ‘‘...පිස්සුද...? එහෙම යන්න දෙන්න බෑ...’’
 
 මම අමුත්තාගේ අතින් ඇල්ලූවා.
 
 ඒ ස්පර්ශය ඔහුගේ හදවතේ සංවේදීම නිලයන් ආමන්ත‍්‍රණය කරන්නට ඇති.
 
 ‘‘...තැංකියු මැනේජර් මහත්තයා...’’
 
 එතැන් පටන් අපි යාලූවො බවට පත් වෙනවා.
 
 දැන් ඉතින් සක් සුදක් සේ පැහැදිලියි. මෙදා මෙතැන කොරෝනා එන්නත් වැඩසටහන් සංවිධායක මඩුල්ලේ ක‍්‍රියා කාරිකයකු ලෙස කටයුතු කරන්නේ එදා අපේ තානායමෙන් දිවා ආහාරය ගත් ඒ තරුණ මහතාමය.
 
 එපමණක් නොවෙයි ඔවුන් එදා දිවා ආහාරය ගන්නා අවස්ථාවේ අප තානායමේ පැවැති විවාහ උත්සවයේ තවත් අමතක නොවන සිද්ධියකුත් සිදුවුණා මට මතකයි.
 
 ‘‘එස්කියුස් මී සර්... වෙඩින් එකේ මනමාල මහත්තයා සර්ට පොඞ්ඩක් කතා කරනවා...’’
 
 වේටර් මහේෂ් ගේ මුහුණ අ`දුරුයි.
 
 මම කෝකටත් තෛලයෙන් ඉදිරියට ගියා.
 
 ‘‘....මේකයි බොස් වෙන්න ඕනෑ.... අපි තානායමෙන් ඕඩර් කළ කෑම ප්ලේට් එකසිය පණහටම ෆුල් පේමන්ට් එක කරලයි තියෙන්නේ...’’
 
 ‘‘...ඔව්... ඉතින්...?.’’
 
 යමෙකු හිතට විරුද්ධ යමක් ප‍්‍රකාශ කිරීමේදී පිටවන ස්වරය වෙනස්ය.
 
 මම හූමිටි නොතබාම ඔහුට සවන් දීගෙන සිිටියා.
 
 ‘‘...දැන් මට ඔබ තුමාගෙන් බෑ නොකියා පොඩි උදව්වක් ඕනෑ...’’
 
 මම ඒ කටහ`ඩ හො`දින් ශ‍්‍රවණය කෙරුවා.
 
 ‘‘...තරහ නැතුව මට තවත් එක්ස්ට‍්‍රා ලන්ච් ප්ලේට්ස් පනහකට බිල් කෑල්ලක් ඕන මැනේජර් මහත්තයා...’’
 
 එහෙම කියූ මනමාල මහතාගේ මුවින් දිගු සුසුමක් පිටවෙනවා.
 
 ඒ අනපේක්‍ෂිත ඉල්ලීමට පිළිතුර පටන් ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්නට බැරිව මම පඹ ගාලක පැටලූණා.
 
 තත්පරයක නිහ`ඩතාව අතරෙ මනමාල මහත්තයාම නැවත කථාව අරඹනවා.
 
 ‘‘... මේකයි මැනේජර් මහත්තයා... මගේ බ‍්‍රයිඞ් ගේ අම්මා ඒ කියන්නෙ මගේ නැන්දම්මා ඉන්නේ සිංගප්පූරුවෙ... වැඩ කරන්නේ බි‍්‍රටිෂ් කම්පැණියකට... එයාට ඉතිරෙන්න සල්ලි... ඉතින් එයා තමයි මේ එකම දුවගෙ වෙඩින් එකට එහේ ඉ`දන් ඔක්කොම වියදම් බලන්නේ...’’
 
 ඒ නිසා මට තව ලන්ච් ප්ලේට් පණහක නෙමෙයි සීයක බිලකට වුණත් ලේසියෙන්ම නැන්දම්මාගෙන් සල්ලි අරගන්්න පුළුවන්.
 
 ඒ නිසා බයවෙන්න එපා... මම මැනේජර් මහත්තයාටත් ෂෙයාර් එකක් දෙන්නම්...’‘
 
 මනමාල මහත්තයා රහසින්ම කියාගෙන ගියා.
 
 මගේ මුවින් සුසුමක් පිටවෙනවා.
 
 ‘‘... ඒ මනමාල මහත්තයත් අද කොහේදි හෝ කොරෝනා එන්නත විද ගන්නවා ඇති...’’
 
 මට එහෙම හිතුණා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles